දේශීය

අගමැති ඉන්දීය නිල සංචාරය නිමවා අද දිවයිනට

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ අවසන් දිනය අදයි.

පසුගිය 07 වනදා අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය ආරම්භ වූ අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ජනාධිපති රාම්නාත් කෝවින්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියන් ජයිසන්කර් යන මහත්වරුන් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍ය මන්මෝහන් ෂිං මහතා ඇතුළු එරට ඉහල පෙලේ නිලධාරින් රැසක් සමග සාකච්ඡා කළේය.

අග්‍රාමාත්‍යවරයා අද (11) පෙරවරුවේ තිරුපති හි සංචාරය කිරීමට නියමිත අතර පසුව , අග්‍රාමාත්‍යවරයා සහ දූත පිරිස යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු විදෙස් සංචාරය වූ මෙම ඉන්දීය සංචාරය තුළදී දෙරටට වැඳගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට හැකියාව ලැබී තිබේ.

Related posts

ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක්

Mohamed Dilsad

අධ්‍යාපන කටයුතු කාර්ය සාධක බලකායට නව සාමාජිකයන් තිදෙනෙක්

Mohamed Dilsad

පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment