දේශීය

ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක්

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලකරමින් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක් ගත වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ තවමත් සිය ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.

මේ අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති කිහිපයක් සමගද ගුරු සංගම් ඊයේ සාකච්ඡාවක නිරත වුණා.

ඒ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් මෙම ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා අදාළ කටයුතු සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 10,000 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment