දේශීය

ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක්

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලකරමින් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක් ගත වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ තවමත් සිය ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.

මේ අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති කිහිපයක් සමගද ගුරු සංගම් ඊයේ සාකච්ඡාවක නිරත වුණා.

ඒ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් මෙම ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා අදාළ කටයුතු සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය රිවස් කරයි

Mohamed Dilsad

චීන රජයෙන් ඉල්ලීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යය මණ්ඩල සඳහා 50% ක් පුරප්පාඩු

Editor O

Leave a Comment