දේශීය

පියා සමග සෙල්ලම් කරමින් සිටි පුංචි දියණිය මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

මාතර නෙටොල්පිටිය රන්මාළු ගම ගම්මානයේ අඩක් සාදා තිබූ නිවසක සිමෙන්ති කණුවක් ගැලවී වැටීමෙන් වයස අවුරුදු නවයක දැරියක් මියගොස් තිබේ.

 

“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ ඇයගේ පියාද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.

 

අඩක් සාදා තිබූ නිවසේ උඩුමහලේ සිමෙන්ති කණු දෙකක් අතර පියා සහ දියණිය එල්ලෙන ලණු ඇඳක් සකසමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

 

අනතුරට හේතුව සිමෙන්ති කණුව උඩ තට්ටුවේ කොන්ක්‍රීට් තට්ටුවට නිසි අයුරින් කම්බි නොයෙදා ඇණ හතරකින් පමණක් සවිකර තිබී ඇති අතර මේ නිසා කණුව ගැලවී ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බව වාර්තා විය.

 

 

Related posts

ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් [RELEASE]

Mohamed Dilsad

ICC මූලස්ථානය තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment