දේශීය

කාලගුණය වෙනස්වෙයි

උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුළු වලින් බරව පවතින බවත් සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

 

උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

 

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් උදේ කාලයේදීද වැසි ඇතිවිය හැක.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතෙත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීත්වය රියර් අද්මිරාල් රුවන් පෙරේරාට

Mohamed Dilsad

ඇඳිරි නීතිය අවසන් වන තුරු දකුණු පළාතේ සුරාසැල් වලට මුද්‍රා

Mohamed Dilsad

Leave a Comment