දේශීය

වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්

(UTV | කොළඹ) – පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා, වෙළෙඳ හා ආයෝජන සම්බන්ධීකාරක අස්මා කමල් මහත්මිය සමග ශ්‍රී ලංකා වාණිජ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල දූත පිරිස අද (26) හමුවිය.

පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ විශේෂයෙන් පාකිස්තාන බෞද්ධ සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීම සඳහා පාකිස්තාන රජය විසින් ආරම්භකර ඇති විවිධ වැඩසටහන් පිළිබඳව වැඩබලන මහ කොමසාරිස්වරයා, වාණිජ අමාත්‍යවරයා දැනුම්වත් කරන ලදී.

ද්විපාර්ශ්වික වෙළද හා ආර්ථික කටයුතු ඉහළ නැංවීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට දෙපාර්ශවයම එකඟ වීම විශේෂත්වයකි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පාකිස්තානයේ සංචාරයක නිරත වන ලෙස පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා වාණිජ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

Related posts

නිරෝධායන කඳවුරුවල පිරිස 3000 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 103කින් ඉහළට

Mohamed Dilsad

පසුගිය මැතිවරණයට සාපේක්ෂව, මෙවර පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ප්‍රතිශතය ගන්නේ පොහොට්ටුවයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක

Editor O

Leave a Comment