දේශීය

මානව හිම්කම් කොමිසමේ අර්බුදය උග්‍ර අතට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සහ එහි සාමාජිකයින් අතර පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත් උග්‍ර වී තිබේ.

 

පසුගිය කාලසීමාව තුළ දී මානව හිමිකම් කොමිසමේ ඇතැම් තීන්දු ගැනීමේ දී කොමිසමේ සාමාජිකයින්ගෙන් නොවිමසා සභාපතිනියගේ ස්වකැමැත්තට කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට ගැටලු පැන නැගී ඇති බව වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් අවස්ථා කිහිපයකදී සභාපතිනිය දැනුවත් කිරීමට පියවර ගත්ත ද ඇය මේ පිළිබඳව තැකීමක් නොකරන බව එහි සාමාජිකයින් සඳහන් කළේය.

 

සභාපතිනිය විසින් අවස්ථා කිහිපයකදී මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දැනුවත් කළ බව පවසමින් විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කර තිබුණ ද ඊට සෙසු සාමාජිකයින්ගේ සම්බන්ධතාවයක් නොතිබුණ බව ඔවුන් සඳහන් කළේය.

 

පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු පාර්ශව දැනුවත් කිරීමට ද පියවර ගත් බව එහි සාමාජිකයින් පැවසීය.

 

 

Related posts

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කොවිඩ් සේවා වලින් ඉවත් වෙයි[AUDIO]

Mohamed Dilsad

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment