දේශීය

ගොවීන්ට පොහොර ගැන පණිවුඩයක්

රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වව්චර්වලින් මිලදී ගත යුතුයැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කර සිටී.

 

පසුගිය දිනවල දිස්ත්‍රික් දෙකක ගොවීහු කුඩා කණ්ඩායම් කිහිපයක් සියයට 30ක් කාබනික පොහොර වශයෙන් හා සියයට 70ක් රසායනික පොහොර වශයෙන් අනිවාර්ය කර ඇති බවට මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බව ඔහු පැවසීය.

 

එමෙන්ම ඇතැම් පොහොර වර්ග අනිවාර්ය කර ඇති බවට ද ඔවුන් පවසා තිබිණි.

 

නමුත් එය සත්‍ය නොවන බව අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

 

මෙම යල කන්නයේ දී පොහොර ලබාගැනීම සඳහා රජය විසින් සහනාධාර වශයෙන් ලබාදෙන වව්චර්වලට ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

 

එසේම සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර වශයෙන් නිර්දේශ කිරීමක් මෙම යලකන්නය සඳහා සිදුකර නොමැත.

 

ඒ අනුව ගොවි ජනතාවට පොහොර ලබාගැනීමේ දී තම අභිමතය පරිදි කටයුතු කළ හැකිය.

 

මෙම වව්චර් ඉදිරිපත් කිරීම මගින් රාජ්‍ය අංශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගත හැකි බව කෘෂිකර්ම අමාත්යංශය පෙන්වාදුනි.

Related posts

අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසන් කරයි

Mohamed Dilsad

බැඳුම්කර ගනුදෙනුව ගැන ඇමති විජිත හේරත් කළ ප්‍රකාශය සාවද්‍යයයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නිවේදනයක්

Editor O

ඉස්සර මගේ සාක්කුවට ආපු තෙල් සල්ලි දැන් යන්නේ අනුර කුමාරගේ සාක්කුවට ද? – හිටපු ඇමති කංචන විජේසේකර

Editor O

Leave a Comment