දේශීය

වයඹ පළාතට ගවයින් ප්‍රවාහනය හා පිටකිරීම තහනම්

වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

වයඹ පළාතේ ගවයන් අතර සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගය පාලනය කිරීම සඳහා එම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන Lumpy Skin diseases නැමති වෛරස් රෝගය මේ වන විට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46 න් 34 කටම පැතිර ගොස් තිබේ.

 

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා මහතා සඳහන් කළේය.

 

ඉකුත් 2019 වසරේදී මෙම රෝගය ඉන්දියාව හරහා යාපනයටත් ඉන් පසුව උතුරු මැද පළාත හරහා වයඹ පළාතටත් සංක්‍රමණය වී ඇති බව පෙන්වා දෙන වෛද්‍ය පෙරේරා මහතා, ගවයන්ට මෙම රෝගය වැළඳීමෙන් පසුව කිරි නිෂ්පාදනය අඩුවන බවද ඒ තුළින් වයඹ පළාතේ කිරි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද පැවසීය.

 

මෙම රෝගය වැළැදීම හේතුවෙන් ගවයන් මියයාමේ ප්‍රතිශතය ඉතාම අවම මට්ටමක පැවතින අතර, රෝගය නිසි ලෙස කළමණාකරනය කර ගනිමින් සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුනහොත් සති තුනක වැනි කාලයකදී සතුන් සුවපත් කර ගැනීමේ හැකියාවක් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසටද ජනතාව දැනුවත් කරන බවද වෛද්‍ය පෙරේරා මහතා දන්වා සිටියේය.

Related posts

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

අද සිට අධිකරණ කටයුතු අධියර කිහිපයක් යටතේ

Mohamed Dilsad

පරීපූරක වෛද්‍ය වෘත්තීකයෝ 06 වෙනිදා සංකේත වැඩ වර්ජනයක

Editor O

Leave a Comment