දේශීය

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවෙස් බලා යයි

(UTV | Covid – 19 ) – වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පෙමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද නීරෝධායන මධ්‍යස්ථානයේ දී සාර්ථකව දින 21 නීරෝධායනයට ලක්වූ පුද්ගලයින් 32දෙනෙකු තම නිවෙස් බලා පිටත්ව හැරීම අද (12) එම කඳවුරු භූමියේ දී වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රෝහිත ධර්මසිරිගේ අධික්ෂණය යටතේ යුධ හමුදා ප්‍රධානීත්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.‍

මෙම පිරිස උතුරු, උතුරු මැද, හා නැගෙනහිර පළාත්වල සිට පැමිණි දින 21ක සාර්ථක නීරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් අනතුරුව අද මෙලෙස විසිර ගිය අතර ඔවුන් අතර කුඩා දරුවන්ද වූහ.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලියට ලක්වීම සම්බන්ධයෙන් සහතික පත්‍රයක්ද ඔවුනට පිරිනමනු ලැබීය.

Related posts

ගිනිගත් නැවේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, උපදෙස්

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ආසාද් සාලි CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment