දේශීය

විෂබීජ නාශක දියර ජාවාරමක් තලාහේනේදී වටලයි

(UTV | කොළඹ) – ‍කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා ඇත.

මාළඹේ – තලාහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම දියර නිෂ්පාදනය කළ ආයතනය වැටලීමේදී ඒත් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

වෙළඳපොලේ විකිණීමට ඇති දෑත් පිරිසිදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදා ගෙන මෙම විෂබීජ නාශක සකස් කර ඇති අතර ඒවා කල් ඉකුත් වී ඇති බවට අනාවරණ වී ඇත.

මෙලෙස සොයාගත් විෂබීජ නාශක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් වන අතර , වර්ග 3 කින් විෂබීජ නාශක වෙළඳපොලට නිකුත් කිරීමට ඇසුරුම් කර තිබූ බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේය.

 

Related posts

අධිවේගී මාර්ගවල ගාස්තු QR ක්‍රමවේදය හරහා අය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බදු අඩු කර ජනතාවට සහන දෙනවා – සජිත් ප්‍රේමදාස

Editor O

විශ්වවිද්‍යාල ප්‍රවේශය ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජුනි 14 දා සිට

Editor O

Leave a Comment