දේශීය

PCR පරීක්ෂණ සඳහා කටුනායකට නවතම වෛද්‍ය රසායනාගාරයක් [PHOTOS]

(UTV| කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ PCR පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කර , සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමේ උත්සවය අද (09) පෙරවරුවේ පැවැත්විය.

මෙය අනුක ජීවී වෛද්‍ය රසායනාගාරය ලෙස නම් කර ඇති අතර එහි PCR පරීක්ෂණ යන්ත්‍ර 02 ක් ද න්‍යෂ්ටික අම්ල වෙන් කර ගැනීමේ ස්වයංක්‍රීය යන්ත්‍ර 02 ක් ද , ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද මෙහි ස්ථාපිත කර තිබේ .

මෙහි දිනකට ගුවන් මගින් පැමිණෙන 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ පැවැත්වීමේ ධාරිතාවයක් පවතී.

මෙම වෛද්‍ය රසායනාගාරය  රුපියල් මිලියන 70 ක් පමණ  වටිනාකමක් ඇති අතර , ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් සදහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි ස්ථාපිත කර තිබේ.

එනිසා මෙම  වෛද්‍ය රසායනාගාරය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිදු මුදලක් වැය නොකර ඇති අතර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම රුපියල් මිලියන 16.5 ක් වැය කර මෙම ගොඩනැගිලි සංකීර්ණය සති දෙකහමාරක් වැනි කෙටි කාළයක් තුළ සාදා නිම කර දී  තිබේ .

එහෙත් කටුනායක ගුවන් තොටුපළ තුළ ස්ථාපිත මෙම නව වෛද්‍ය රසායනාගාරය මගින් පැය දෙකහමාරක් වැනි කාළයක් තුළ,මෙම පරීක්ෂණ  නොමිලේ ම සිදු කර ගත හැකිය .

 

 

 

Related posts

සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනපති බදාදා ජාතිය අමතයි

Mohamed Dilsad

හමුදාව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment