දේශීය

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වීමට නියමිතය.

 

පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ.

 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබේ.

 

ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

 

මේ අතර මෙවර විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

 

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිසු සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවනු ලබන සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සිදුවු ද සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

 

මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අවහිරයකින් තොරව බස් රථ ධාවනයට යොදවන බවය.

 

“ඒ වගේම මම සේවක මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා පොඩි පොඩි දේවල්වලට බස් වර්ජනය කරන්න සුදානම් වෙන්න එපා. සේවක ගැටලුවක් ආවොත් හදිසි බස් වර්ජනයකට නම් කිසිසේත්ම යන්න සුදානම් වෙන්න එපා. මට ඒ වෙලාවේ දී කතා කරන්න. විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න. මුදල් ගැන හිතන්න එපා. සල්ලි දුන්නත් නැතත් දරුවන්ව එක්කන් යන්න කටයුතු කරන්න විභාග මධ්‍යස්ථාන කරා. බස් රථ 12,000ක් සාමාන්‍ය පරිදි අඛණ්ඩව ධාවනය කරනවා.”

Related posts

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

Mohamed Dilsad

රේගුවට මාධ්‍ය ප්‍රකාශවරයෙකුත් පත් කරයි.

Editor O

දැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට

Mohamed Dilsad

Leave a Comment