දේශීය

දෙවන බිත්තර තොගයේ සාම්පල පරීක්ෂා කිරීමට පියවර

ඉන්දියාවෙන් අනයනය කරන ලද දෙවන බිත්තර තොගය අද (08) බේකරි සඳහා නිදහස් කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අද ලබා දීමට නියමිතව ඇති බවය.

 

ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තර තොගය ලෙස බිත්තර මිලියනයක තොගයක් පසුගිය 29වනදා දිවයිනට රැගෙන විත් තිබුණි.

 

මීට අමතරව ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක පමණ තොගයක සාම්පල ලබා ගැනීම අද සිදු කීරීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේය.

 

කෙසේවෙතත් මෙලෙස ආනයනය කළ බිත්තර සුළු බේකරි සංඛ්‍යාවකට පමණක් ලැබෙන අතර එහි වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමේ හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

 

මේ අතර පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීමක් සිදුකර තිබේ.

 

ඊයේ රාත්‍රී මීට අදාළ වැටලීම් 51 ක් සිදුකර ඇති බව වාර්තා විය.

 

සෙසු පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 151 ක් සිදුකර ඇත.

 

 

Related posts

තැපැල් කටයුතු තාවකාලිකව නවතී

Mohamed Dilsad

තවත් ෆේස්බුක් සාදයක් වටලා 30ක් අත්අඩංගුවට

Mohamed Dilsad

PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

Leave a Comment