දේශීය

සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවේ

(UTV | කොළඹ) – පසුගියදා මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ රාත්‍රියේ පිළියන්දල ප්‍රදේශයේදී බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් රියදුරු 50 හැවිරිදි එම සොයිසාපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පසුගිය මස 19 වනදා සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපනශාලාවට පැමිණි පිරිසක් එහි බඩු බාහිරාදියට පහරදී තිබූ අතර, පසුව 29 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ආපනශාලාවට වෙඩි තබා පලාගොස් තිබුණි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ආපනශාලාව ඉදිරිපිට රැදී සිටි පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පසුගියදා පියවර ගත්තේය.

Related posts

පදික වේදිකාවේ රථ වාහන නතරකල 287 කට පොලිසියෙන් අවවාද

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීවරුන් සහ මැතිවරණ කොමිසම අතර මතගැටුමක්

Mohamed Dilsad

පොහොට්ටුවේ ආසන සංවිධායකවරු පිරිසකට නාමල්ගෙන් පත්වීම් ලිපි

Editor O

Leave a Comment