දේශීය

ග්‍රාම නිලධාරීවරුන් සහ මැතිවරණ කොමිසම අතර මතගැටුමක්

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමේදී ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යභාර්ය අත්‍යවශ්‍ය නොවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

 

ග්‍රාම නිලධාරීවරුන්ට ගෙයින් ගෙට ගොස් ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමට අපහසු නම් ඒ සම්බන්ධයෙන් කටයතු කිරීම සඳහා වෙනත් පාර්ශව යෙදවිය හැකි බව එම කාර්යාලය සඳහන් කළේය.

 

ගෙයින් ගෙට ගොස් කටයුතු කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරුන්ට දීමනාවක් ලබා දෙන බවද මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.

 

ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝදන කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බැවින් ග්‍රාම නිලධාරීවරු ගෙයින් ගෙට ගොස් අදාළ පෝරම පිරවීමේ කටයුතු සිදුනොකරන බවට තොරතුරු වාර්තා වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

 

ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් ඔවුන්ගේ කාර්යාල වෙත ජනතාව ගෙන්වා ගෙන එහිදී බී සී ආකෘති පත්‍ර පිරවීමේ කටයුතු සිදුකරන බවටද තොරතුරු වාර්තා වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

 

ජනතාව කිසිසේත් එලෙස ග්‍රාම නිලධාරී කාර්යාල වෙත ගොස් එම ආකෘති පත්‍ර පිරවීම සිදුනොකළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.

 

මේ අතර මෙම රාජකාරී කටයුතු සිදුකිරීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේය.

Related posts

සරසවි සිසුන්ටත් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

නාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්

Editor O

බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment