දේශීය

අඩුම කොරෝන රෝගීන් ගණන වාර්තාවීම ඊයේ

(UTV |කොළඹ ) – මෑතකදී මෙරටින් වාර්තාවූ අඩුම Covid- 19  ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) වාර්තාවී තිබේ.

එම සංඛ්‍යාව දෙකකි.

ඒ අනුව අද උදෑසන වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් එක් අයෙකු කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටින නාවික හමුදා සාමාජිකයෙකි.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 1057 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 

Related posts

කැබිනට් සංශෝධනයේ තොරතුරු මෙන්න

Mohamed Dilsad

ජනාධිපතිවරණයට විදේශීය මැතිවරණ නිරීක්ෂකයන්

Editor O

විදුලි සැපයුම ගැන හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment