දේශීය

කින්නියාහි පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

( UT V|කොළඹ) – කින්නියා, පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පිපිරීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මසුන් මැරීම සඳහා ඩයිනමයිට් යොදාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

තුවාල ලැබුවන් කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇත.

සිද්ධියෙන් මියගිය පුද්ගලයා අවුරුදු 37ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යැවුණි.

Related posts

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතීන් සුරැකෙන, සමාජ සාධාරණත්වය සුරක්ෂිත යහපත් පාලනයක් වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙනවා – සමගි ජන බලවේගය

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට ඇප

Editor O

රූමස්සල මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි.

Editor O

Leave a Comment