දේශීය

යාපනයේ වෙළඳාමේ ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වැළඳිලා

(UTV |යාපනය ) – යාපනයේ රෙදිපිළි වෙළඳාමේ යෙදුණු ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වේ.

මේ නිසා යාපනයේ නිවාස තුනක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

යාපනයේ රෙදිපිළි වෙළඳාමේ නිරතව සිට පසුගිය දා යළි තමිල්නාඩුවට ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.කේදීෂ්වරන් මහතා සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි මාසයේ සිට මෙම ඉන්දීය ජාතිකයා මෙරට වෙළඳාම් කටයුතුවල නිරතව ඇත.

ඉන්දීය ජාතිකයන් යළි එරටට ගෙන යාමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මැදිහත්ව විශේෂ නෞකාවක් සූදානම් කර තිබූ අතර මෙම පුද්ගලයා ද එම නෞකාවෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.

 

Related posts

කොළඹ ප්‍රදේශ කීපයක හුදෙකලාභාවය හෙට උදේ 5 ට ඉවත් කෙරේ [RELEASE]

Mohamed Dilsad

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, භික්ෂූන් වහන්සේනමකගෙන් ලක්ෂ 20ක් ණයට අරගෙන පොලු තියලා

Editor O

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment