සිංහල ජාතිය කේන්ද්‍ර කරගනිමින් බිහි වූ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් කලෙක පාර්ලිමේන්තුවට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මැතිවරණ සමයේදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ණයක් ලෙස දී තිබිණි.
මැතිවරණයෙන් පසු මෙම ණය මුදල දෙන බව පැවසූවත් මෙතෙක් ණය නොදීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ස්වාමීන්වහන්සේ දෝෂාරෝපණ එල්ල කර ඇත.
ස්වාමීන්වහන්සේගෙන් මුදල් ගෙන තිබූ මාලිමා මන්ත්‍රිවරයා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නෙකි.. තමාගෙන් ගත් මුදල් ආපසු නොදෙන්නේ නම් මන්ත්‍රිවරයාගේ නිවස ඉදිරිපිට උපවාස කරන බව මෙම භික්ෂුව මන්ත්‍රිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
එක දිගටම ලෙඩ වැටී ඇති මෙම මන්ත්‍රිවරයා , මේ හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බවද වාර්තාවෙයි.
