දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV |COVID -19) – වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප නම් කර ඇති ප්‍රදේශ හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අද (16) පෙරවරු 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත් වෙයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 10,000 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

විශ්‍රාම වැටුප් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු සේවා අත්හිටුවයි.  

Mohamed Dilsad

190 බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment