නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අද (12) ආරම්භ කළේය.
දරුවන් බඩියන් කරවන අධ්‍යාපන ඇමතිනී ඉල්ලා අස්වන ලෙස බල කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සමගාමීව “මහජන පෙත්සමකට අත්සන් තැබීමද එහිදී සිදු කෙරිණ.


