Trending Newsඑසැන පුවත්දේශීය

හරිනි වහාම ඉවත් කරන්න | ඉහළ තැනකින් ජනාධිපති ට දැනුම්දීමක්

දැනට ඉදිරිපත් කර ඇති සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම අත්හිටුවා ඒවා අවලංගු කරන ලෙස ඉල්ලමින් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක වෙත විශේෂ සංදේශයක් යොමු කර තිබේ.

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ ස්වාමීන්වහන්සේ මෙම ඉල්ලීම කර ඇත.

අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිසංස්කරණ සඳහා නිසි ප්‍රතිපත්ති රාමුවක් සකස් කර නොමැති බවත්, භික්ෂූන් වහන්සේලා, ගුරුවරු හෝ අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන නොමැති බවත් එම සංදේශයේ සඳහන් වේ.

මෙම ක්‍රියාවලිය අත්තනෝමතික සහ විනිවිදභාවයෙන් තොර එකක් බවයි. ප්‍රතිසංස්කරණ මුවාවෙන් මෙවැනි නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රම මගින් දරුවන්ට කෘතිමව විෂම ලිංගික දිශානතීන් ආරෝපණය කිරීමට කූඨ ලෙස උත්සාහ කිරීම සමාව දිය නොහැකි පාපයක් බව උන්වහන්සේ අවධාරණය කරති.

මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරි දශක ගණනාවක කාලය තුළ මානසික රෝගීන්ගෙන් පිරි රටක් බිහි කිරීමට අඩිතාලම දමා ඇති බවට ද උන්වහන්සේ චෝදනා කරති.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විදේශ ආධාර මත වසර ගණනාවක සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවත්, මෙයට වගකිවයුත්තන් දණ්ඩ නීති සංග්‍රහය සහ ළමයින් අපයෝජනයට අදාළ අපරාධ නීති යටතේ දඬුවම් ලැබිය යුතු බවත් සංදේශයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම, වත්මන් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීම දැරීමට නුසුදුසු බවත්, ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඇයගේ ධුරයන් අහෝසි වී ඇති බවත් උන්වහන්සේ පවසති.

මේ හේතුවෙන් වහාම කැබිනට් සංශෝධනයක් සිදු කර, එම තනතුරු සඳහා දේශප්‍රේමී සහ යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් මන්ත්‍රීවරයෙකු පත් කරන ලෙස ද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති

Related posts

ආපදාවෙන් ගොඩඒමට ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නැහැ | මන්ත්‍රී වරප්‍රසාද අඩුකර එම මුදල් ජනතාවට සහනදීමට යොදවන්න . – රවී කරුණානායක

Editor O

දේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ නොහැකියාව වහන්න, මහ බැංකුවට නිවේදන නිකුත් කරන්න වුණොත්, එය පරාජයන් වැළක ආරම්භයක් වෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

Open University rewrites history of higher education in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment