දේශීය

දෙවන බිත්තර තොගයේ සාම්පල පරීක්ෂා කිරීමට පියවර

ඉන්දියාවෙන් අනයනය කරන ලද දෙවන බිත්තර තොගය අද (08) බේකරි සඳහා නිදහස් කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අද ලබා දීමට නියමිතව ඇති බවය.

 

ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තර තොගය ලෙස බිත්තර මිලියනයක තොගයක් පසුගිය 29වනදා දිවයිනට රැගෙන විත් තිබුණි.

 

මීට අමතරව ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක පමණ තොගයක සාම්පල ලබා ගැනීම අද සිදු කීරීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේය.

 

කෙසේවෙතත් මෙලෙස ආනයනය කළ බිත්තර සුළු බේකරි සංඛ්‍යාවකට පමණක් ලැබෙන අතර එහි වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමේ හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

 

මේ අතර පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීමක් සිදුකර තිබේ.

 

ඊයේ රාත්‍රී මීට අදාළ වැටලීම් 51 ක් සිදුකර ඇති බව වාර්තා විය.

 

සෙසු පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 151 ක් සිදුකර ඇත.

 

 

Related posts

අද රාත්‍රී 10 සිට CEYPETCO / IOC ඉන්ධන මිළ පහළ දමා තිබෙනවා.

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වගට සීමා කෙරේ

Mohamed Dilsad

එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.

Editor O

Leave a Comment