දේශීය

උසස් පෙළ සිසුන් කොට උඩ – ආචාර්යවරුන්ගේ තීරණය ?

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්දයෙන් මේවන තෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

 

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ සැහීමකට පත් නොවන බවය.

 

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කර සාධනීය විසඳුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇගයීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණි.

 

 

Related posts

සමගි ජනබලවේගය ජූලි 07 දා ගම්පහින් ජනාධිපතිවරණ සටහන අරඹයි.

Editor O

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බැහැ – අජිත් පී.පෙරේරා

Editor O

“ජාත්‍යන්තරයට ඕනෑ විධියට අපි සිරකරුවන් ගැන තීරණ ගන්නේ නෑ”

Mohamed Dilsad

Leave a Comment