Trending Newsඑසැන පුවත්දේශීය

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බැහැ – අජිත් පී.පෙරේරා

දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකරු වූ සහ තවත් විස්සකට වැඩි චෝදනා ඇති බරපතළ ගණයේ අපරාධකරුවකුට වත්මන් ජනාධිපති විසින් නිදහස ලබා දීම අනුමත කළ නොහැකි බව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා (සජබ) මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ කීය. අනුරාධපුර මහාධිකරණයේ විභාග වුණ එච්.සී. 69 – 2018 නම් නඩුවෙන් 2025-05-02දා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වැනි වගන්තිය යටතේ වරදකරු කරන ලද අතුල සේනාරත්න යන අය, ඔහු වරදකරු කරන්නේ මහාධිකරණ විනිසුරු ලක්මාලී හේවාවසම් මහත්මිය විසින්. වරදකරු කළ චෝදනාවට අමතරව තවත් මහෙස්ත්‍රාත් අධිකරණයේත්, මහාධිකරණයේත් අධි චෝදනා විස්සකට වැඩි ප්‍රමාණයක් ඔහුට තිබෙනවා. ඔහු වරදකරු කළේ 2025-05-02දා. නමුත් 2025-05-12දා වෙසක් පෝය දවසේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති සමාවක් ලබා දී තිබෙනවා. සිරදඬුවම් සහ දඩ නියම කළ තැනැත්තෙකුට මෙලෙස සමාව දීම ඉතාම බරපතළයි. තවත් නඩු තිබෙන මෙවැනි අපරාධකරුවන්ට ජනාධිපති සමාව ලැබෙන යුගයක් අද ඇතිවෙලා තිබෙනවා.

දිවයින – අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Related posts

US assisting anti-corruption, asset recovery efforts in Sri Lanka

Mohamed Dilsad

Update: இயற்கை அனர்த்தம் : உயிரிழந்தோரின் எண்ணிக்கை 177ஆக அதிகரிப்பு

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය : වගඋත්තරකරුවෙකු වූ රනිල් ගැන ශ්‍රේෂ්‍ඨාධිකරණය ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment