දේශීය

මිතුරා සමග නිවසින් ගිය තරුණයාගේ සිරුර ගල් දෙබොක්කාවක

දිවිතුරවත්ත, ඇත්කදුර ප්‍රදේශයේ ලැයිමක් අසල කැලෑබද ප්‍රදේශයක ගල් දෙබොක්කාවක තිබී ඊයේ (07) පුද්ගල මළ සිරුරක් හමුව ඇත.

 

පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණයෙකු බවය.

 

මෙම පුද්ගලයා ඔහුගේ බාල සොහොයුරා සමග නිවසේ පදිංචිව සිට තිබේ.

 

පසුගිය 05 වනදා ඔහු තවත් පුද්ගලයෙකු සමග නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිනීම හේතුවෙන් ඔහුගේ සහෝදරයා විසින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි ද කර ඇති බව පොලීසය සඳහන් කළේය.

 

මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

 

ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අංගොඩ ලොක්කාට සහය දුන් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment