දේශීය

අංගොඩ ලොක්කාට සහය දුන් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(UTV | ඉන්දියාව) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කරගෙන ඇති බව ඉන්දියන් වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

සිද්ධියට අදාළව අංගොඩ ලොක්කාට සහය දුන් බව කියන සැකකරුවන් 03 දෙනෙකු ද ඉන්දියාවේ කොයිම්බතූර් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කොයිම්බතූර් නගරයේදී මියගිය අංගොඩ ලොක්කාගේ දේහය මදුරෙයි ප්‍රදේශයේදී මිහිදන් කර ඇති බව අදාළ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර 27 හැවිරිදි ලාංකික තරුණියක් , 36 හැවිරිදි ඉන්දීය කාන්තාවක සහ 32 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු ද වන බව සඳහන්.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී පෙනී සිට ඇත්තේ ප්‍රදීප් සිං යන නමින් බවයි.

ඉකුත් ජූලි මස 03 වනදා මොහු කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලෙය් රෝහලට ඇතුලත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇති වී නිවසේදී එක්වරම සිහිමුර්ජා වී ඇද වැටණු බව පවසමින්.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ද ව්‍යාජ තොරතුරු හා ලේඛන ඉදිරිපත් කර ඇති අතර, බලධාරීන් එම ලේඛන නිසිලෙස පරීක්ෂා නොකළ බවට පොලීසිය චෝදනා කරයි.

එමෙන්ම අංගොඩ ලොක්කා අසනීපවීම , මරණය සිදුවීම සහ භූමදානය ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් සියලු තොරතුරු මෙම පිරිසගෙන් අනාවරණ වී ඇති බවද අදාළ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔහු ආහාර සැපයීමේ ව්‍යාපාරයක් සිදුකරමින් කොයිම්බතූර් හි ජීවත්ව සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලීසිය සිදුකළ මුලික විමර්ශන අනුව අංගොඩ ලොක්කා මීට වසර 03 කට පමණ පෙර කොයිම්බතූර් වෙත පැමිණ ඇති බවත්, චෙරාන් මානගර් ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන අමානි තන්ජි නැමති ඔහුගේ පෙම්වතිය සමඟ ජීවත්වූ බවත් හෙළි වී තිබේ.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය

Mohamed Dilsad

සීනි හිඟයට විසඳුම් සොයන්න අද විශේෂ සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment