දේශීය

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් සලකාබැලීම කල්යයි

අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා මැයි මස 22 වන දා ක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

 

එම පෙත්සම් අද (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ට අදාළව ලේඛන ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීම් කළේය.

 

එම ඉල්ලීමට අවසර දුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 22 වනදා කැඳවීමටද දින නියම කර තිබේ.

 

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු විසින් එම පෙත්සම් ගොනුකර තිබුණි.

 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 අයවැය තුළින් වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 03 වනදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි.

 

එම අතුරු නියෝගයට අනුකූලව කටයුතු නොකිරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබේ.

 

 

Related posts

අද රාත්‍රියේ සිට දිවයිනටම නැවතත් ඇඳිරි නිතිය

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පිල්ලෙයාන්ට දුරකථනයෙන් ඇමතුවාද…? – එජාප මහ ලේකම් තලතා අතුකෝරළගෙන් ප්‍රකාශයක්

Editor O

රාමසාන් උපවාස සමය ඇරඹේ

Editor O

Leave a Comment