Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පිල්ලෙයාන්ට දුරකථනයෙන් ඇමතුවාද…? – එජාප මහ ලේකම් තලතා අතුකෝරළගෙන් ප්‍රකාශයක්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යනු රනිල් වික්‍රමසිංහ මහතා භාරගත් රජයේ හිටපු අමාත්‍යවරයකු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී උදව් කළ අයෙකු බවත් ඔහුව අත් අඩංගුවට ගත් මොහොතේදී ඒ පිළිබඳව සොයාබැලීමට රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වූයේ ඒ නිසා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය කෑගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය. “රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරපු කෙනෙක් එතුමාගේ ජනාධිපතිවරණයේදී, එතුමා බාරගත්ත රජයේ හිටපු ඇමතිවරයෙක් පිල්ලෙයාන් මහත්මයා. එතකොට හදිසියේ කවුරුත් දන්නෙ නැතිව එකපාරට මොකක් හරි අත් අඩංගුවට ගැනීමක් සිද්ධ වුණාම ඒ ගැන සොයාබැලීම වගකිවයුතු වගේම ශිෂ්ටසම්පන්න මනුස්සයෙක්ගෙ යුතුකමක්. ඒක එතුමා ඉෂ්ට කළේ. ඒකෙ ඒ හැරෙන්න වෙන දෙයක් නෑ කොච්චර මවන්න හැදුවත්. අපි කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයාව CID එකට ගෙනියලා මොකක්ද හේතුව මේ කෝල් එකට කියලා අහනවා නම්. මොකද මේකෙ හංගන්න දෙයක් නෑ. දැන් බටලන්දක් ඇහුවා, දැන් මේ කෝල් එකක් අල්ලන් ගහනවා. අර චාමර සම්පත් ඇමතිතුමා ගැන කරපු ප්‍රකාශයට දැන් ප්‍රකාශයක් ගන්න ඕනෙ ලු. ඕවාට අපි සූදානම්. එතුමා නෙවෙයි ඕනෙ කෙනෙක් අපේ පක්ෂයේ අපි ලෑස්තියි. හංගන්නෙත් නෑ, හැංගෙන්නෙත් නෑ, හංගන්නත් බෑ කාටවත්”

Related posts

பலாங்கொடை ஆதார வைத்தியசாலையின் தீவிர சிகிச்சைப் பிரிவு மூடப்பட்டது

Mohamed Dilsad

Pakistan fully committed to SAARC charter

Mohamed Dilsad

உலக சுகாதார அமைப்பு இலங்கைக்குப் பாராட்டு

Mohamed Dilsad

Leave a Comment