Trending Newsඑසැන පුවත්දේශීය

රාමසාන් උපවාස සමය ඇරඹේ

පරිත්‍යාග කිරීමේ මාසය ලෙස හඳුන්වනු ලබන රාමසාන් උපවාස සමය අදින් ආරම්භවේ. දින 30 ක් හෝ 29 ක් මෙම උපවාස කාලය පවතින අතර, ශ්‍රී ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාස සමය ආරම්භ කිරීම විශේෂත්වයක්.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මහතා සඳහන් කළේ ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඇතැම් මුස්ලිම් පුරවැසියන් තාරකා විද්‍යාත්මක ගණනය කිරීම අනුව රාමසාන් උපවාසය ආරම්භ කරනවා.

රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය යි. රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත් වෙයි. මෙම මාසය ශ්‍රි ලාංකිකයන් නෝම්බු මාසය ලෙස හඳුන්වනු ලබයි.

පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වනු ලබන රාමසාන් උපවාස සමය අල්ලාහ් දෙවියන් විසින් මුස්ලිම් බැතිමතුන්ට අනිවාර්ය කරන ලද සිවුවැනි වගකීම ද වනවා.

Related posts

රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් නම් කෙරේ

Mohamed Dilsad

අවුරුදු 34 ක ට පෙර වසා දැමූ මාර්ගයක්, ගමනාගමනය සඳහා යළි විවෘත කරයි

Editor O

ஜனாதிபதியின் அதிரடி தடை

Mohamed Dilsad

Leave a Comment