Trending Newsඑසැන පුවත්දේශීය

ඩීසල් නොලැබුණොත් සඳුදා සිට බස් නැහැ – ගැමුණු විජේරත්න

ඩීසල් නොලැබුණොත් ලබන සඳුදා දිනයේ සිට බස් රථ ධාවනය නොකර සිටීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ හේතුවෙන් බස් රථ සඳහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පසුගිය කොරෝනා වෛරස් සමයේ ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදුන් ආකාරයට හෝ පෞද්ගලික බස් සඳහාද ඉන්ධන ලබා දෙන්නැයි ඔහු ඉල්ලා සිටී’ බස් රථ සඳහා දීර්ඝ පෝලිම්වල රැඳී සිට ඉන්ධන ලබාගෙන සේවාවක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවත් ඒ මහතා පැවසුවේය.

ඉන්ධන බෙදුම්හල් හිමිකරුවන් විසින් ආරම්භ කර ඇති ‍ක‍්‍රියාමාර්ගය මත ඇතිව තිබෙන ඉන්ධන බෙදාහැරීමේ අර්බුදය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ரயிலுடன் மோதுண்டு கோர விபத்தில் சிக்கும் சிற்றூந்து…! காலியில் சம்பவம் (video)

Mohamed Dilsad

இன்று பிணை வழங்காவிடின் சாகும்வரை உண்ணாவிரதம்

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදේශ ගමන් තහනමක්

Editor O

Leave a Comment