දේශීය

ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

ගෙලෙහි කැපුම් තුවාල සහිත පිරිමි පුද්ගලයේකුගේ මළ සිරුරක් හම්බන්තොට පැරණි බූන්දල මාර්ගයේ තිබී හමුව තිබේ.

 

ඊයේ (27) පෙරවරුවේ හම්බන්තොට පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

පොලීසිය පවසන්නේ මියගොස් සිටින පුද්ගලයාට අවුරුදු 30 පමණ වයසැති බවය.

 

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

දුර ගමන් බස් සේවා අද මැදියමේ සිට අත්හිටුවයි

Mohamed Dilsad

සැලසුම් කර තිබූ දුම්රිය ගමන්වාර 15ක් නවතී

Mohamed Dilsad

අරගලය පාලනය කළ මමත්, මැතිවරණයෙන් පරාද වුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment