දේශීය

මැතිවරණය ගැන තීරණයට කොමිසම ලබන 04 වනදා රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මස 04 වන දින කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිත බවය.

 

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (28) දිනයේ ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දමන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

 

ඒ අනුව අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ද නොපැවැත්වෙනු ඇත.

 

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ඒ අනුව අදාළ සාකච්ඡාව ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

දකුණේ පාතාලයට අයත් ගිනි අවි 12 ක් හෝමාගමදී අල්ලයි

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලයට, තවත් ඇමතිවරයෙක් පත් කිරීමේ සූදානමක්…?

Editor O

ඩොලරය රු. 310 දක්වා ඉහළට

Editor O

Leave a Comment