දේශීය

පොලිස් වෙස්ගත් හොරු

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද සොරකම් සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.‍

 

සැකකරුවන් සතුව තිබී හොරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයේ තිබී ජංගම දුරකථන 83ක්, ටැබ් යන්ත්‍ර 04ක් සහ ලැප්ටොප් පරිඝනක 03ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.

 

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලීසිය වෙත භාරදී තිබේ.

 

සැකකරුවන් 24 සහ 36 හැවිරිදි හම්බන්තොට සහ පල්ලෙවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ

Related posts

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

23 වෙනිදා සිට සාපෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ තහනම් [RELEASE]

Mohamed Dilsad

Cloudflare තාක්ෂණික දෝෂයකින්, ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් අඩාල වෙයි

Editor O

Leave a Comment