දේශීය

මැතිවරණයට මුදල් ඉල්ලා කොමිසමෙන් ජනපතිට ලිපියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

 

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

 

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.

 

ඒ අනුව මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මාර්තු මස 09 දින පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වන දිනට කල් දමනු ලැබීය.

 

කෙසේවෙතත් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ, මැතිවරණයට අදාළ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් ලැබී නොමැති බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවය.

 

ඒ අනුව මාර්තු මස 20වන දිනට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා තැපැලට භාරදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේය.

 

 

Related posts

17 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ටත් අයවැයෙන් සහන

Mohamed Dilsad

ප්‍රියන්තගේ තැනට තවත් ලාංකිකයෙක්

Mohamed Dilsad

Leave a Comment