ක්‍රීඩා

හෘදයාබාධයකින් 21 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා මරුට

අයිවරි කෝස්ට්හි පාපන්දු තරගයක් අතරතුර හෘදයාබාධයකට ලක්වීමෙන් ක්‍රීඩකයෙකු මියගොස් තිබේ.

 

එරට අබිඩ්ජාන් ප්‍රදේශයේ පසුගිය දා පැවති පාපන්දු තරගයක් අතරතුර එලෙස මියගොස් ඇත්තේ මුස්තෆා සිල්ලා නැමැති 21 හැවිරිදි ක්‍රීඩකයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

තරගය අතරතුර හදිසියේ ඇදවැටුණු ක්‍රීඩකයාව කඩිනමින් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන් වේ.

 

කෙසේවෙතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වාගැනීම සඳහා ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළයුතු බව ප්‍රවීණ ක්‍රීඩකයෝ පෙන්වා දෙති.

 

ගතවු වසර 04 තුළ අයිවරි කෝස්ට්හි පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙකු හදිසි හෘදයාබාධවලට ලක්වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

Related posts

ශ්‍රී ෂාන්ත්ගේ වසර 7 ක තරග තහනම අදින් අවසන්

Mohamed Dilsad

පැතුම් වෙනුවට ඕෂධ තරඟයට

Mohamed Dilsad

වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා

Mohamed Dilsad

Leave a Comment