Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය පරිපාලන ඇමතිට එරෙහිව, වෘත්තීය සමිති 14 ක් සටනට ….

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා දේශපාලන අරමුණු වෙනුවෙන් මහජන මුදල් අවභාවිත කරන බවට චෝදනා කරමින් වෘත්තීය සමිති 14ක් වෘත්තීයමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.

සංවර්ධන නිලධාරි සේවාව නියෝජනය කරන සියලු වෘත්තීය සමිති ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටිය ද අමාත්‍යවරයා ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිති සමග පමණක් රහසිගතව සාකච්ඡා පවත්වන බව එම වෘත්තීය සමිති කියා සිටී.

ආණ්ඩුවේ නොවන වෘත්තීය සමිති අමාත්‍යවරයාට යොමුකළ ලිපිවලට මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති නමුත් ජුනි 03 හා ජූලි 23 දිනවලදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය ආණ්ඩුවේ වෘත්තීය සමිති සමග විසඳුම් රහිත සාකච්ඡා පවත්වා තිබෙන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.

සංවර්ධන නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය, සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරි වෘත්තීය සංගමය, ආර්ථික සංවර්ධන නිලධාරි සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දෙයි.

මහජනතාව වෙනුවෙන් පත්වී සිටින, මහජන මුදලින් නඩත්තු වන කැබිනට් ඇමැතිවරයකු වන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පැහැදිලිව ම දේශපාලන අරමුණු වෙනුවෙන් මහජන සේවය අවභාවිත කරන බව පවසන එම වෘත්තීය සමිති වගකිව යුතු ආණ්ඩුවක වගකිවයුතු අමාත්‍යවරයාගෙන් එවැන්නක් කිසිසේත් අපේක්ෂා නොකරන බවද එම වෘත්තීය සමිති සඳහන් කරයි.

දේශපාලන පක්ෂපාතීත්වය සහිත ක්‍රමවේදය නතර කර සියලු වෘත්තීය සමිති සාකච්ඡාවකට කැඳවා සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද එම වෘත්තීය සමිති අවධාරණය කරයි.

-මව්බිම

Related posts

Sri Lanka set for a better performance in 2nd ODI

Mohamed Dilsad

கட்சி தலைவர்களின் கூட்டம் சற்று முன்னர் ஆரம்பம்…

Mohamed Dilsad

Application for Grade 1 admissions of Govt. Schools next week

Mohamed Dilsad

Leave a Comment