දේශීය

චීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට මූල්‍ය අරමුදලේ අවධානය

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

එම අරමුදල උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ශ්‍රී ලංකාවට ණය සහනය ලබා දීම සඳහා බාධාවක් වී ඇති එකම පූර්ව අවශ්‍යතාව ලෙස චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතිකය හඳුනාගෙන ඇති බවය.

 

වි‍ශේෂිත ක්‍රමවේදයක් යටතේ අදාළ ණය සහනය අනුමත කිරීමට අපේක්ෂා කරන බවද මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

 

කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තවදුරටත් කටයුතු කරන අතර ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහයෝගය ද ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

 

මේ වන වටත් ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

 

Related posts

වැලිසර බාහිර රෝගීන් සඳහා යළිත් විවෘතයි

Mohamed Dilsad

UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප

Mohamed Dilsad

සජිත් සහ එජාප පළාත් පාලන නියෝජිතන්ගේ හමුවක්

Mohamed Dilsad

Leave a Comment