දේශීය

සැලකිලිමත් වන්න

ඉදිරි පැය 24 සඳහා වන තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

ඒ අනුව පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 60 දක්වා වැඩි වේ.

 

මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතී.

 

එබැවින් මුහුදු ප්‍රදේශය රළු විය හැකිය.

 

මේ හේතුවෙන් අද (30) පස්වරු 6ට ඉහත දැක්වු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

 

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ධීවරයින්ට හා නාවිකයින්ට ද අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

තිරප්පනේ නොසන්සුන්.. පොලිසිය හමුදාව කැඳවයි..

Editor O

Leave a Comment