දේශීය

සැලකිලිමත් වන්න

ඉදිරි පැය 24 සඳහා වන තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

ඒ අනුව පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 60 දක්වා වැඩි වේ.

 

මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතී.

 

එබැවින් මුහුදු ප්‍රදේශය රළු විය හැකිය.

 

මේ හේතුවෙන් අද (30) පස්වරු 6ට ඉහත දැක්වු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

 

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ධීවරයින්ට හා නාවිකයින්ට ද අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

තලාවේ අනතුරකින් හතලිකට තුවාල

Editor O

විදුලි සේවකයන්ට අසනීපයි

Editor O

කොරෝනා නිසා පොලිස් ස්ථාන දෙකක් වැසේ

Mohamed Dilsad

Leave a Comment