Trending Newsඑසැන පුවත්දේශීය

තලාවේ අනතුරකින් හතලිකට තුවාල

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එම මරුමුවට පත්ව ඇත්තේ මෙවර අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවෙක් බව පොලීසිය ප්‍රකාශ කළේය.

බස් රථය අඩි පහක පමණ හෙළකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

Related posts

சிறந்த திரைப்படம், நடிகர், நடிகைக்கான ஒஸ்கார் விருதுகள்

Mohamed Dilsad

දුම්වැටි ගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනක් අත්අඩංගුවේ

Mohamed Dilsad

அசாத் சாலிக்கு எதிரான விசாரணைகள் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment