දේශීය

ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගනී

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාව අතරතුරදී ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගෙන තිබේ.

 

එම විරෝධතාවය වැළැක්වීමට ස්ථාන දෙකක දී පොලීසිය අද (16) පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

 

තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් සහ සිවිල් සංවිධාන කිහිපයක් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

 

ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර – බඩුමිල පහත හෙළීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

 

විරෝධතාකරුවන් පාගමනින් ගාලු පාර ඔස්සේ ඉදිරියට ගමන් කළ අතර කොල්ලුපිටියේ දී සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඔවුන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

 

පසුව විරෝධතාකරුවන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළට යොමුකිරීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමග එහි ඇතිවුණේ නොසන්සුන් තත්ත්වයකි.

Related posts

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ විවාද කරන දින මෙන්න

Editor O

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවෙස් බලා යයි

Mohamed Dilsad

තොරතුරු හා සන්නිවේදන අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment