දේශීය

අත ද ? හෙලිකොප්ටරය ද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

ඒ අනුව උතුරු පළාත, නැගෙනහිර පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අත ලකුණින් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.

 

මේ අතර කොළඹ, පුත්තලම, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා හෙලිකොප්ටරය ලකුණින් එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වීමට ද එම පක්ෂය තීරණය තිබේ.

 

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයිනේ සෙසු පළාත් සහ දිස්ත්‍රික්ක සඳහා අත ලකුණ සහ හෙලිකොප්ටරය යන ලකුණු දෙකම භාවිත කරමින් මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවය.

 

 

Related posts

නිරෝධායනය අවසන් කර පිරිසක් නික්ම යයි

Mohamed Dilsad

Cloudflare තාක්ෂණික දෝෂයකින්, ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් අඩාල වෙයි

Editor O

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

Leave a Comment