දේශීය

ආණ්ඩුව මුදල් අච්චු ගැසීම නවතයි

ප්‍රතිපත්තියක් ලෙස මේ වනවිට මුදල් අච්චු ගැසීම නවතා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ හේතුවෙන් එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණදෙමින් ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දෙසැම්බර් මාසයේ වියදම් දැරූ ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් විමසීමක් කළ බවත් ඒ අනුව එම මාසයේ බදු හා බදු නොවන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් බිලියන 141 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව පරිපාලන වියදම් බිලියන 154 ක් වැයවී ඇති බවත් රුපියල් බිලියන 141 කින් බිලිය​න 154 ක් දරන්​නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මේ වන විට මෙම තත්ත්ව​ය කළමනාකරණය කිරීමට නොහැකි මට්ටම​ට පත්ව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

නොරොච්චෝලේ තෙවැනි බලාගාරයත් වැඩ

Mohamed Dilsad

රනිල් – නාමල් – ජීඑල් – වජිර ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක

Editor O

පිල්ලෙයාන් ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත

Mohamed Dilsad

Leave a Comment