ක්‍රීඩා

ඉන්දියාවට ලකුණු 216 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට Eden Gardens හීදී පැවැත්වෙනවා.

 

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 215 ක් ලබා ගත්තා.

 

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 34, දුනිත් වෙල්ලාලගේ ලකුණු 32 ලබා ගැනීමට සමත් වුණා.

 

පන්දු යැවීමේදී Kuldeep Yadav කඩුලු 3 ක් හා Mohammed Siraj කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

 

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 216 ක්.

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

Mohamed Dilsad

LPL තරඟාවලිය සම්බන්ධයෙන් අර්ජුනගෙන් නාමල්ට ලිපියක් [LETTER]

Mohamed Dilsad

ජැෆ්නා ස්ටැලියන්ස් සමග කලම්බු කිංග්ස් අද ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment