ක්‍රීඩා

ඉන්දියාවට ලකුණු 216 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට Eden Gardens හීදී පැවැත්වෙනවා.

 

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 215 ක් ලබා ගත්තා.

 

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 34, දුනිත් වෙල්ලාලගේ ලකුණු 32 ලබා ගැනීමට සමත් වුණා.

 

පන්දු යැවීමේදී Kuldeep Yadav කඩුලු 3 ක් හා Mohammed Siraj කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

 

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 216 ක්.

Related posts

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරු ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කොරෝනාවට ගොඳුරු වූ ලොව අංක එකේ ටෙනිස් ශූරයා

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

Mohamed Dilsad

Leave a Comment