ක්‍රීඩා

කොරෝනාවට ගොඳුරු වූ ලොව අංක එකේ ටෙනිස් ශූරයා

(UTV | කොවිඩ් 19) – ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සහභාගී වූ තරඟාවලියක් සඳහා සහභාගිවූ සෙසු ක්‍රීඩකයින්, ඔවුන්ගේ සහයක කණ්ඩායම්, තරග නිලධාරින් ඇතුළු විශාල පිරිසකට ඒ අනුව කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමටයි පියවර ගෙන ඇත.

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 07 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ෆාකර් සමාන් , ඉම්රාන් ඛාන් , කාෂීෆ් බාටි ,මොහොමඞ් හෆීස් , මොහොමඞ් හස්නයින් , මොහොමඞ් රිස්වාන් සහ වහාබ් රියාස් යන ක්‍රීඩකයින්ටයි.

ඒ අනුව මේ වනවිට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගෙන අවසන්.

Related posts

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නවතම ශාරීරික යෝජ්‍යතා සහතිකය මෙන්න

Mohamed Dilsad

ස්වීඩනයත් අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.

Editor O

Leave a Comment