ක්‍රීඩා

LPL තරඟාවලිය සම්බන්ධයෙන් අර්ජුනගෙන් නාමල්ට ලිපියක් [LETTER]

(UTV | කොළඹ) – නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත ප්‍රිමියර් ලීග් LPL තරඟාවලියේ විනිවිදබව ප්‍රශ්න කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලිපියක් අද (16) යොමු කර තිබේ.

01. මෙම තරගාවලිය ICC ය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?

02. මෙම තරගාවලිය ICC දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?

03. ICC දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?

04. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )

05. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)

06. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?

යන ප්‍රශ්න අදාළ ලිපියෙන් සඳහන්කර ඇත. එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ‍දේශීය තරඟ පාවාදීමට වැරදිකරුවකු වූවකු මෙම තරගාවලියේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට උචිත ද යන්නයි.

 

 

 

 

 

Related posts

කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට බංග්ලාදේශය ලෝක ක්‍රිකට් කිරුළක් හිමිකර ගනී

Mohamed Dilsad

දිල්හාර ලොකුහෙට්ටිගේට ICCයෙන් චෝදනා

Mohamed Dilsad

Leave a Comment