ව්‍යාපාරික

සංචාරක රියදුරන්ට රුපියල් 15000 මෙම සතිය තුළ

(UTV | කොළඹ) – රටේ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුරන් සදහා රජය ලබා දෙන රුපියල් 15, 000 ක දීමනාව සතියක් තුල ගෙවන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඉදිරි සතිය තුළ ඒ සදහා ඉල්ලීම් සිදුකර සුදුසුකම් සපුරා ඇති සියලු දෙනාට මෙම ගෙවීම් කටයුතු සිදුකෙරෙනු ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වූ මාර්ගෝපදේශකයන්ට හා රියැදුරන්ට කෙරෝනා වසංගතය හමුවේ රුපියල් පහලොස් දහසක හා විසි දහසක දීමනාවක් එක් වරක් පමණක් ලබාදිමයි මෙම වැඩසටහන යටතේ සිදුවන්නේ.

සංචාරක සංවර්ධන අධිකාරියට ලැබි ඇති රියැදුරන් 4313 කගේ අයැදුම්පත් අතරින් 3085 කට අදාළ රුපියල් පහලොස් දහසේ දීමනාව මේ සතියේ ගෙවීමට නියමිතව ඇත.

මේ වන විටත් සංචාරක මාර්ගෝපදේශකයන් 1998 දෙනෙක්ට මෙම රුපියල් 20,000 දීමනාව ගෙවා අවසන්.

Related posts

BYD වාහනවල විමර්ශන කඩිනමින් කරන ලෙස, අභියාචනාධිකරණ නියෝගයක්

Editor O

කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර

Mohamed Dilsad

කොටස් වෙළදපොලේ වැඩ කටයුතු වල වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment