දේශීය

බන්ධනාගාරවල කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක්

(UTV | කොළඹ) – බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක් ස්ථාපිත කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

පොළොන්නරුව, ගල්ලෑල්ල, කන්දකාඩු සහ වැලිකන්ද ප්‍රදේශවල රෝහල් ඒ සඳහා වෙන් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලබන කොවිඩ් ආසාදිත රැඳවියන් අලුතින් බන්ධනාගාරගත වන අය බව අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මීට අමතරව , බෝගම්බර බන්ධනාගාරය රැදවියන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර තිබීම හේතුවෙන් මේ වනවිට මහනුවර නගරය ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එම අනාරක්ෂිත තත්වය සැළකිල්ලට ගෙන වහාම බෝගම්බර බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙනත් ප්‍රදේශයකට මාරු කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

 

Related posts

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිලිබඳ ගැසට් නිවේදනය හෙට

Mohamed Dilsad

විදුලි බිල ගෙවීම ගැන වදවන ඔබට

Mohamed Dilsad

Leave a Comment