දේශීය

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිලිබඳ ගැසට් නිවේදනය හෙට

(UTV | කොළඹ) – ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිලිවෙල සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය හෙට (10) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ සඳහන් කළේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන අතර, ඒ සඳහා තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි.

මෙම ගැසට් පත්‍රය මගින් පොදු ප්‍රවාහනය සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළදසැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි නිකුත් කරනු ඇත.

Related posts

සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීත්වය රියර් අද්මිරාල් රුවන් පෙරේරාට

Mohamed Dilsad

විවාහ වීමට සිටි යුවළක් ඡායාරූප ගැනීමකදී ඇල්ලකට ඇද වැටෙයි

Mohamed Dilsad

Leave a Comment